Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉල්ලා අස්වෙයි?

7 hours ago

මහේස්ත්‍රාත්වරුන්ගෙන් සහ දිසා විනිසුරුවරුන්ගෙන් සමන්විත ‘අධිකරණ සේවා සංගමයේ‘ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. අද (11) දිනයේදී අධිකරණ සේවා සංගමයේ ලේකම්වරයා විසින් කැඳවා තිබූ මහා සභා රැස්වීමක් සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වයක් මෙම හදිසි ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව සඳහන්ය.

මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කරුණ සම්බන්ධයෙන් සාමාජික අදහස් විමසීම සඳහා අධිකරණ සේවා සංගමයේ විධායක කමිටුව විසින් මෙම විශේෂ මහා සභා රැස්වීම අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී කැඳවීමට තීරණය කර තිබුණි. සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමට මූලික වී ඇත්තේ එම තීරණයයි.

සිය ඉල්ලා අස්වීම සහ ඊට හේතු වූ කරුණු පැහැදිලි කරමින් පසන් අමරසේන මහතා විසින් සංගමයේ සාමාජිකයින් වෙත යොමු කරන ලද බව කියන ලිපියක් මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. කෙසේ වෙතත්, සභාපතිවරයාගේ එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් අධිකරණ සේවා සංගමයේ ලේකම්, විනිසුරු සුරංග මුණසිංහ මහතා විසින් ද සාමාජිකයින් වෙත ලිපියක් යොමු කර ඇති අතර එය ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.

මෙම මතභේදාත්මක තත්ත්වය මධ්‍යයේ වුවද, පෙර සැලසුම් කළ පරිදි අදාළ විශේෂ මහා සභා රැස්වීම පැවැත්වෙන බව ලේකම්වරයා සිය ලිපිය මගින් සාමාජිකයින්ට දැනුම් දී තිබුණි. ඒ අනුව, අධිකරණ සේවා සංගමය විසින් කැඳවූ එම මහා සභා රැස්වීම අද පෙරවරු 10.00ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ආරම්භ වී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *