භාණ්ඩ මිල පාලනය කිරීම සහ නියාමනය කිරීමේ පියවරක් ලෙස දිවයිනේ සියලුම කඩ සාප්තු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යටතේ ලියාපදිංචි කිරීමට පියවර ගනිමින් සිටින බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
විවිධ වෙළඳසැල්වල භාණ්ඩ මිල එකිනෙකට වෙනස් වන බැවින් සියලුම වෙළඳසැල්වල මිල ගණන් නියාමනය කිරීම දැනට දුෂ්කර වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
“එක ළඟ පිහිටි කඩ සාප්පු දෙකක පවා භාණ්ඩ මිල එකිනෙකට වෙනස් බව පැහැදිලියි. පාලන මිලක් නියම කර ඇති භාණ්ඩවලට හැර අනෙකුත් සියලුම භාණ්ඩවල මිල ගණන් සම්බන්ධයෙන් අපට පියවර ගත නොහැකි තත්ත්වයක් තිබෙනවා” යැයිද ඔහු පැවසීය.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ, මීට විසඳුමක් ලෙස සියලුම වෙළඳසැල් පාරිභෝගික අධිකාරිය යටතේ ලියාපදිංචි කිරීමට යෝජනාවක් ලැබී ඇති අතර ඒ පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
“ඉන්ධන මිල වැඩි වූ වහාම භාණ්ඩ මිල ඉහළ යන නමුත්, ඉන්ධන මිල අඩු කරන විට භාණ්ඩ මිල අඩු නොවන බව අප නිරීක්ෂණය කර තිබෙනවා. කඩ සාප්පු පාරිභෝගික අධිකාරිය යටතේ ලියාපදිංචි කිරීමෙන් පසු මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ස්ථාවර ක්‍රමවේදයක් හඳුන්වාදීමට අප සැලසුම් කරමින් සිටිනවා” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අයෝමාල් වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවත් අලුත් කරයි
‘සරසවි දිරියෝ අභිමන්’ සමාරම්භක උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්
මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් දිනකදී ලක්ෂ 21ක දඩ
සමගි ජන බලවේගයේ පුංචි මන්ත්‍රී ගිනි අවියක් සමඟින් අත්අඩංගුවට
සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කරන කාලවකවානුව
විදෙස්ගත ශ්‍රමිකයින්ට සුභ ආරංචියක්
අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉල්ලා අස්වෙයි?
“මැච් ගහනකොට බොන්න එපා” – එංගලන්ත ක්‍රිකට් පිළට දැඩි අවවාද
‘එල් නිනෝ’ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
ගලදාරි හෝටලයේ නම වෙනස් වෙයි
ලංකා බැංකුවේ ගිණුම් හිමියන්ට් සුබ ආරංචියක්
හෝමුස්හි නැව්වලට එල්ලවූ ප්‍රහාරය අත්වැරැද්දක් – ඉරානය කියලා