ඩෙංගු මදුරුවන් බෝ වන පරිදි තම පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන් ඇතුළු පුද්ගලයින් පිරිසකට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂ 21ක දඩයක් නියම කර තිබේ.
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් කල්දේරා මහතා සඳහන් කරන්නේ, මෙය එක් දිනක් තුළ ඩෙංගු රෝගය සම්බන්ධයෙන් වාර්තා වූ වැඩිම දඩ මුදල බවයි. මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පසුගිය දින කිහිපයේදී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු අතර, එහිදී සිදුකළ නිවාස පරික්ෂා කිරීම්වලදී ඩෙංගු මදුරුවන් බෝ වන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන්ට එරෙහිව මෙලෙස අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
ඉදිරියේදී ද මෙම ඩෙංගු මර්දන සහ පරීක්ෂා කිරීමේ වැඩසටහන් ප්‍රදේශය තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ සැලසුම් කර තිබේ. ඒ හේතුවෙන්, නීතිමය ක්‍රියාමාර්ගවලට ලක් නොවී තම නිවෙස් සහ අවට පරිශ්‍ර නිරන්තරයෙන් පිරිසිදුව පවත්වා ගන්නා ලෙස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් කල්දේරා මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

අයෝමාල් වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවත් අලුත් කරයි
‘සරසවි දිරියෝ අභිමන්’ සමාරම්භක උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්
සමගි ජන බලවේගයේ පුංචි මන්ත්‍රී ගිනි අවියක් සමඟින් අත්අඩංගුවට
සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කරන කාලවකවානුව
විදෙස්ගත ශ්‍රමිකයින්ට සුභ ආරංචියක්
අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉල්ලා අස්වෙයි?
“මැච් ගහනකොට බොන්න එපා” – එංගලන්ත ක්‍රිකට් පිළට දැඩි අවවාද
‘එල් නිනෝ’ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
ගලදාරි හෝටලයේ නම වෙනස් වෙයි
ලංකා බැංකුවේ ගිණුම් හිමියන්ට් සුබ ආරංචියක්
හෝමුස්හි නැව්වලට එල්ලවූ ප්‍රහාරය අත්වැරැද්දක් – ඉරානය කියලා
රටේ සියලුම වෙළෙඳසැල් පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කිරීමට සැරසෙයි