Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමගි ජන බලවේගයේ පුංචි මන්ත්‍රී ගිනි අවියක් සමඟින් අත්අඩංගුවට

33 minutes ago

සමගි ජනබලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, රිපිටර් වර්ගයේ (Repeater Gun) ගිනි අවියක් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේය.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාට අදාළ ගිනි අවිය ලැබුණු ආකාරය සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. එමෙන්ම මෙම ගිනි අවිය යොදාගනිමින් යම් අපරාධ ක්‍රියාවක් සිදුකර ඇද්දැයි යන්න සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශන සිදු කරන බව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සිදුවීමට අදාළ වැඩිදුර පරීක්ෂණ කටයුතු දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සහ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතාගේ සෘජු මෙහෙයවීම යටතේ මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *