රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන “සරසවි දිරියෝ අභිමන්” සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (11) අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.
ඒ, හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි.
මෙම වැඩසටහන යටතේ දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කරනු ලබයි.
ඒ අනුව සිසුවෙකුට රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබාදීමට ජනාධිපති අරමුදල කටයුතු කරන බව සඳහන්ය.
“සරසවි දිරියෝ අභිමන්” සමාරම්භක උත්සවයේදී ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් 236 දෙනෙකු ඇගයීමට ලක් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 400කට ආසන්න වේ.
කොළඹට පැමිණීමේදී මුහුණදීමට සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වැඩසටහන අගෝස්තු මාසයේදී පැවැත්වීමට ද සැලසුම් කර ඇත.
මේ අතර අද දින ශිෂ්‍යාධාර පිරිනැමීමේදී ප්‍රතිලාභී සිසුන් අසළට ගොස් ශිෂ්‍යාධාර පිරිනැමීම විශේෂත්වයක් විය.

අයෝමාල් වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවත් අලුත් කරයි
මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් දිනකදී ලක්ෂ 21ක දඩ
සමගි ජන බලවේගයේ පුංචි මන්ත්‍රී ගිනි අවියක් සමඟින් අත්අඩංගුවට
සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කරන කාලවකවානුව
විදෙස්ගත ශ්‍රමිකයින්ට සුභ ආරංචියක්
අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉල්ලා අස්වෙයි?
“මැච් ගහනකොට බොන්න එපා” – එංගලන්ත ක්‍රිකට් පිළට දැඩි අවවාද
‘එල් නිනෝ’ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
ගලදාරි හෝටලයේ නම වෙනස් වෙයි
ලංකා බැංකුවේ ගිණුම් හිමියන්ට් සුබ ආරංචියක්
හෝමුස්හි නැව්වලට එල්ලවූ ප්‍රහාරය අත්වැරැද්දක් – ඉරානය කියලා
රටේ සියලුම වෙළෙඳසැල් පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කිරීමට සැරසෙයි