Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෝමුස් සමුද්‍ර සන්ධියේ භාණ්ඩවලට 20%ක අමෙරිකානු බද්දක්?

16 hours ago

ඉරාන වරායන් වෙත පනවා තිබූ නාවික අවහිරතා නැවතත් බලාත්මක කිරීමට අමෙරිකාව පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. ජනාධිපතිවරයා තම නිල ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ බව නිල වශයෙන් තහවුරු කළේය.

ජනාධිපතිවරයා විසින් තබන ලද සම්පූර්ණ සටහන පහතින් දැක්වේ:

“හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතිනවා, එය ඉරානය සිටියත් නැතත් දිගටම විවෘතව පවතිනු ඇත. අපි ‘ඉරාන නාවික අවහිරතාව’ නැවතත් බලාත්මක කරනවා. මෙයට මෙම නම යෙදුවේ ඉරාන නැව් හෝ ඔවුන්ගේ පාරිභෝගිකයන්ට පමණක් ඇතුළු වීම සහ පිටවීම වළක්වන බැවිනි. අනෙකුත් සියලුම රටවලට සමුද්‍ර සන්ධිය සාධාරණ ලෙස සහ විවෘතව භාවිත කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

මෙතැන් සිට අමෙරිකා එක්සත් ජනපදය, ‘හෝමුස් සමුද්‍ර සන්ධියේ භාරකරු’ ලෙස හඳුන්වනු ලබනවා. නමුත් සාධාරණත්වය උදෙසා, ලෝකයේ මෙම අතිශය නොසන්සුන් කලාපයට ආරක්ෂාව සැපයීමේ කාර්යය සඳහා වැය වන සියලුම පිරිවැය වෙනුවෙන්, එම මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන සියලුම භාණ්ඩ සඳහා 20% ක අනුපාතයකින් අපට මුදල් ප්‍රතිපූරණය කළ යුතුයි. මේ සඳහා වන ක්‍රියාවලිය සහ ව්‍යුහය සැකසීම වහාම ආරම්භ කෙරේ.”

ජනාධිපතිවරයාගේ මෙම නව ප්‍රකාශයත් සමඟ පැහැදිලි වන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා භාණ්ඩ හා ඛනිජ තෙල් ප්‍රවාහනය කරන සෙසු ධනවත් රටවලින් 20%ක ආරක්ෂක බද්දක් අය කර ගැනීමට අමෙරිකාව මේ වනවිට සූදානම් වන බවයි. මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් එය ගෝලීය වෙළෙඳපොළට මෙන්ම ජාත්‍යන්තර බලශක්ති මිල ගණන්වලට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *