අමෙරිකානු සහ ඉරාන හමුදා අතර මේ වනවිට දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ පාලනය තමන් සතු කර ගැනීමට ඉරානය උත්සාහ කිරීමත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගතව තිබේ.
මෙම නවතම ගැටුම් හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ තවත් දින 60ක සාකච්ඡාවලින් පසුව යුද්ධය මුළුමනින්ම අවසන් කිරීම අරමුණු කරගනිමින් පසුගිය මාසයේදී දෙරට අතර අත්සන් කරන ලද අමෙරිකා-ඉරාන අතුරු ගිවිසුමේ අනාගතය පිළිබඳව දැඩි සැක මතු වී ඇත.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන අමෙරිකානු මධ්‍යම අණදෙන බලඇණිය පවසන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ ගමන් කරන සිවිල් නාවිකයන්ට සහ වාණිජ නැව්වලට ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව අඛණ්ඩව දුර්වල කිරීමේ අරමුණින් මෙලෙස ඉරානයට එරෙහිව ප්‍රහාර දියත් කළ බවයි. කෙසේ වෙතත්, සති අන්තයේදී අමෙරිකාව එල්ල කළ මෙම ආක්‍රමණශීලී ප්‍රහාර තරයේ හෙළා දකින බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
මීට අමතරව, ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු වන මොහොමඩ් බාකර් කලීබාෆ් ‘X’ සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්, “ඒකපාර්ශ්වික ගිවිසුම්වල යුගය අවසන්. අපි ඔබට කිව්වා: ඔබේ පොරොන්දුව රකින්න, නැත්නම් වන්දිය ගෙවන්න. යථාර්ථය දැන් අප ඉදිරියේ ඇත,” යනුවෙන් දැඩි අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබේ.
පසුගිය පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය හේතුවෙන්, අමෙරිකානු කඳවුරු පවතින රටවලට ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ සමස්ත ගල්ෆ් කලාපයම මේ වනවිට අස්ථාවර වී ඇත. විශේෂයෙන්ම, ඉරානය විසින් සමුද්‍ර සන්ධිය ඵලදායී ලෙස අවහිර කිරීමට පියවර ගැනීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර, එය ගෝලීය උද්ධමනය තවදුරටත් දැඩි කිරීමට සෘජුවම බලපා තිබේ.

සුඛෝපභෝගී මෝටර් රථයකින් ‘සීතල’ රැගෙන ගිය තරුණ යුවළක් අත්අඩංගුවට
මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු සිදුකෙරේ
දිට්වා තාවකාලික නිවාස කුලී දීමනාව තවදුරටත් දීර්ඝ කෙරේ
පස් පුද්ගල ඝාතන නඩුව: හිටපු මහඇමති ‘පිල්ලෙයාන්’ තවදුරටත් රිමාන්ඩ්
අයි.පී.එල් (IPL) ඉතිහාසයේ යුගයක් නිමවෙයි! ස්ටීවන් ෆ්ලෙමින් චෙන්නායි සුපර් කිංග්ස් පුහුණුකරු ධුරයෙන් ඉවත්වෙයි!
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ Baz-Ball යුගය නිම වෙයි
රංගන ශිල්පී සෑම් නීල් දිවිගමනට සමු දෙයි
විමල් වීරවංශගේ නඩුවක් කල්යයි
ඩෙංගු නිසා පෙර පාසල් දරුවන්ගේ ඇඳුමත් වෙනස් වෙයි
මෙරට වයස්ගතම කාන්තාව වූ කලුමැණිකා මාතාව දිවි සැරිය නිමා කරයි
අද වැසි වැටෙන ප්‍රදේශ
ජනපතිගෙන් නව ප්‍රතිපත්ති රැසක් සමගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව නිමාවෙයි! රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නව සැලසුම් රැසක්!