ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයා මෙන්ම සර්වකාලීන ක්‍රිකට් ශ්‍රේෂ්ඨයෙකු ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් (Sir Garfield Sobers) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 89 වැනි වියේ පසුවූ ඒ මහතාගේ අභාවය සම්බන්ධයෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ද සිය නිල ශෝකය ප්‍රකාශ කර ඇත. 1936 වසරේ බාබඩෝස් හි උපත ලැබූ ඔහු, සිය 90 වැනි උපන්දිනය සැමරීමට දින කිහිපයක් තිබියදී මෙලෙස මෙලොවින් සමුගෙන තිබේ.
1954 සිට 1974 දක්වා වසර විස්සක කාලයක් පුරා පැතිර ගිය සිය අද්විතීය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ සර් ගාෆීල්ඩ් සෝබර්ස් ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කරමින් ලකුණු 57.78ක විශිෂ්ට සාමාන්‍යයක් සහිතව ශතක 26ක් ද ඇතුළුව ලකුණු 8,032ක් රැස් කිරීමට සමත්ව තිබේ. පන්දුවෙන් ද විශිෂ්ට දස්කම් දැක්වූ මෙම වමත් තුන්ඉරියව් ක්‍රීඩකයා, වේග පන්දු මෙන්ම දඟපන්දු ද උපයෝගී කරගනිමින් ටෙස්ට් කඩුලු 235ක් දවාගෙන ඇත. විශේෂයෙන්ම 1958 වසරේදී පාකිස්ථානයට එරෙහිව ඔහු නොදැවී රැස් කළ ලකුණු 365ක වාර්තාව, වසර 36ක් යනතුරු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තනි ඉනිමක ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස නොබිඳී පැවතුණි.
මීට අමතරව පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ එක් පන්දුවාරයකදී හයේ පහර 6ක් එල්ල කළ ලොව ප්‍රථම පිතිකරුවා ලෙස ද සර් ගාෆීල්ඩ් සෝබර්ස් 1968 වසරේදී නොටින්හැම්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් ඉතිහාසගත විය. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ අනුපමේය මෙහෙවර අගය කරමින් 1975 වසරේදී දෙවැනි එලිසබෙත් රැජින විසින් ඔහුව නයිට් (Knight) පදවියකින් ද පිදුම් ලැබීය. ලොව විශිෂ්ටතම ක්‍රීඩකයාට උපහාරයක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයාට පිරිනමන සම්මානය ද “සර් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය” (Sir Garfield Sobers Trophy) ලෙස නම් කර ඇති අතර, ඔහුගේ අභාවය සමස්ත ලෝක ක්‍රිකට් ප්‍රජාවටම පිරවිය නොහැකි විශාල පාඩුවකි.

Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු රිමාන්ඩ් කිරීමට නියෝග
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
හිටපු පොලිස්පති CDගේ සියදිවි නසාගැනීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුර සෘජුව මැදිහත් වෙයි
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට වැඩ වරදිනු ලකුණු! මාස 6ක සිරදඬුවම්?
එරංග ගුණසේකරට සහ ජගත් මනුවර්ණට වරෙන්තු
කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළ මත වාඩි වූ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරයි
සබන් නිෂ්පාදන ඇසුරුම් වල නිශ්චිත තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට්ටුවක්!
රෝසි සේනානායකව ජනාධිපති කොමිසමට කැඳවයි
සැකසූ දියර කිරි සම්බන්ධයෙන් විශේෂ නියෝගයක්
රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනාට අදත් ඇප නෑ