මාතර, වැල්ලමඩම ප්‍රදේශයේදී අද (19) සවස සිමෙන්ති පැටවූ ලොරි රථයක් සහ ඩිෆෙන්ඩර් (Defender) රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පොලීසිය සඳහන් කළේ දෙවුන්දර සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පැටවූ ලොරි රථයක් සහ මාතර දෙස සිට දෙවුන්දර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් වැල්ලමඩම ප්‍රදේශයේදී මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේදී ඩිෆෙන්ඩර් රථය තුළ පුද්ගලයින් 7 දෙනෙකු ගමන් කර තිබේ.
අනතුරේ පවතින දරුණු ස්වභාවය හේතුවෙන් ඩිෆෙන්ඩර් රථයට දැඩි ලෙස හානි සිදුව ඇති අතර, මෙම පිරිස විසින් අදාළ ඩිෆෙන්ඩර් රථය එක් දිනක් සඳහා කුලී (Rent) පදනම මත ලබාගෙන ඇති බවට ද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයාය. එහි ගමන් ගත් අනෙක් පුද්ගලයින් 6 දෙනාම තුවාල ලබා මාතර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් මාතර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර ඇත.





ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
ලබන වසරේ සිට මෙරට ජනතාවට විදුලි දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව
බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්
රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)