ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර තිබේ.
අමාත්‍යවරයා සිය නිල X (Twitter) ගිණුම ඔස්සේ ද මෙම තීරණය පිළිබඳව නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර ඇත.
“කොක්රෝච් (කැරපොත්තා) ජනතා පක්ෂය” සහ ඉන්දීය මධ්‍යම රජය අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවන වටයේ සාකච්ඡාවලට පැය කිහිපයකට පෙර අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස හදිසියේ ඉල්ලා අස්වීමට තීරණය කිරීම විශේෂත්වයකි.
තරුණ ප්‍රජාව නියෝජනය කරන කැරපොත්තා ජනතා පක්ෂය සිය විරෝධතා ආරම්භ කිරීමේ ප්‍රධානතම සටන් පාඨයක් බවට අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත්වීම පත්ව තිබුණි.
නීට් වෛද්‍ය ප්‍රවේශ විභාගයේ සිදුවූ අක්‍රමිකතාවක් තරුණ විරෝධතා ආරම්භ වීමට හේතු වූ අතර, එහි ප්‍රධානතම චෝදනාව එල්ල වුණේ ධර්මේන්ද්‍ර ප්‍රධාන් අමාත්‍යවරයාටය.

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා