Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්

12 minutes ago

ඓතිහාසික දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහා පෙරහැරේ කාවඩි නර්තන අංගය මෙවර ඉවත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ලිඛිත නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙනවා.

ජාතික බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ ලබාදුන් බුද්ධි තක්සේරු වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම නිර්දේශය මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කර ඇති අතර, ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් දෙවිනුවර බස්නායක නිලමේවරයාට කාවඩි නර්තන අංගය පෙරහැරෙන් ඉවත් කිරීමටයි ලිඛිතව දැනුම් දී තිබෙන්නේ.

බුද්ධි වාර්තාවලට අනුව, කාවඩි කණ්ඩායම් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම්කාරී තත්ත්වයක් මතුව ඇති අතර, පෙරහැර දිනයේ මහජන ආරක්ෂාවට බරපතළ තර්ජනයක් ඇතිවිය හැකි බවට ද අනතුරු අඟවා තිබෙනවා.

පෙරහැර නැරඹීමට විශාල ජනතාවක් සහ දෙස් විදෙස් සංචාරකයින් සහභාගි වන බැවින්, කිසියම් ප්‍රචණ්ඩ සිදුවීමක් වළක්වා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම, මහජන සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය වුවහොත් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ද පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *