මාස දහයකට අධික කාලයක් පවතින එල්නිනෝ (El Niño) තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙරටට තද වැසි මෙන්ම දැඩි නියඟයක් ද අත්විඳීමට සිදුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසයි.
මීට පෙර දුර්වල මට්ටමක පැවති එල්නිනෝ තත්ත්වය මේ වනවිට මධ්‍යස්ථ මට්ටම දක්වා වර්ධනය වී ඇති අතර, එල්නිනෝ තත්ත්වය සහ ශ්‍රී ලංකාවට ඊින් විය හැකි බලපෑම පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.
ගෝලීය පුරෝකථනවලට අනුව මෙම එල්නිනෝ තත්ත්වය එළඹෙන ඔක්තෝබර් සහ දෙසැම්බර් මාස අතර කාලය තුළ උපරිම මට්ටමට ළඟාවනු ඇති අතර, එය අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ 81%ක සම්භාවිතාවක් පවතින බව ද හෙතෙම කියා සිටියේය.
ඒ අනුව ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයේදී සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගංවතුර තත්ත්වයන් පවා ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවට ද අනතුරු අඟවා සිටියි.
කෙසේ වෙතත්, මෙම එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ලබන 2027 වසරේ මුල් කාර්තුවේදී, එනම් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ වර්ෂාපතනය සැලකිය යුතු ලෙස අඩුවී උෂ්ණත්වය ඉහළ යනු ඇත.
එම කාලසීමාව තුළ දිවයින පුරා දැඩි නියඟ තත්ත්වයක් හටගැනීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වේ…..
දුරදිග ගිය ආරවුල 18 හැවිරිදි තරුණයාට දිවි අහිමි කරයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කථානායකවරයා ඉල්ලා අස්විය යුතුයි – දයාසිරි ජයසේකර
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
විශේෂ කැබිනට් තීරණයක්! රාජ්‍ය සේවයට එක්වන පිරිසට විශේෂ සහතිකයක් අනිවාර්ය කරයි!
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්