ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ජැෆ්නා කිංග්ස් (Jaffna Kings) කණ්ඩායමේ ෆ්‍රැන්චයිස් ගිවිසුම අහෝසි කිරීමට තරගාවලියේ හිමිකාරීත්වය දරන IPG සමාගම පියවර ගෙන තිබේ.
අදාළ කණ්ඩායමේ හිමිකරුවන් විසින් ඉටුකළ යුතු මූල්‍යමය වගකීම් නිසියාකාරව ඉටු කිරීමට අපොහොසත් වීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත.
මෙම ගිවිසුම අහෝසි කිරීමත් සමඟ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සමස්ත මෙහෙයුම් සහ මූල්‍යමය පාලනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) සහ IPG සමාගම විසින් සෘජුවම සිය භාරයට ගෙන තිබේ.
කෙසේ වෙතත්, හිමිකාරීත්වයේ මෙම වෙනස හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගමනට හෝ කාලසටහනට, තරග සංවිධාන සැකැස්මට මෙන්ම ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් සංචිතයට කිසිදු බලපෑමක් සිදු නොවන බව තරග සංවිධායකයෝ තහවුරු කරති. ඒ අනුව තරගාවලිය පූර්ව සැලසුම් කළ පරිදිම සාර්ථකව පැවැත්වීමට නියමිතය.

මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ
කම්කරු දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්
මරණ සහතිකය ඩිජිටල් වෙයි
තෙවන පාසල් වාරයේ ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
ෂීක් හසීනා ආපසු එන්න හදයි: බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් ඉල්ලා අස්වීමට සූදානම්!
කතානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට විශේෂ උපදෙසක්
ශ්‍රී ලංකා රුපියලට සුළු අස්වැසිල්ලක්
පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමක්! ඉලක්කය වැරදී වෙනත් අයෙක් මරුට?
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බදු