ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවේ එක් වගන්තියක් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
ඒ අනුව අවම වශයෙන් වසර විස්සක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙකු වශයෙන් කටයුතු කර නොමැති නම් ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත් නොකළ යුතු බව එම ගැසට් නිවේදනයේ දැක් වේ.
මීට පෙර පැවති මාර්ගෝපදේශ මාලාවට අනුව ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්වීමට අවම වශයෙන් වසර 20ක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙකු ලෙස කටයුතු කළ යුතු වගන්තිය ඇතුළත් කර තිබූ නමුත් විශේෂිත අවස්ථාවන්හිදී සෙසු සියළුම නිර්ණායක සපුරා ඇති, වසර 15ක සේවා කාලයක් සහිත ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන් ද ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට අවස්ථාව ලබාදී තිබුණි.
මේ අතර 2026 වසරට අදාළව ජනාධිපති නීතීඥවරුන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර ඇත.
ඒ අනුව සුදුසුකම් සහිත පිරිස්වලට අගෝස්තු මස 31 වන දිනට පෙර ඒ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බව එහි දැක් වේ.

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා