මාස දහයකට අධික කාලයක් පවතින එල්නිනෝ (El Niño) තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙරටට තද වැසි මෙන්ම දැඩි නියඟයක් ද අත්විඳීමට සිදුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසයි.
මීට පෙර දුර්වල මට්ටමක පැවති එල්නිනෝ තත්ත්වය මේ වනවිට මධ්‍යස්ථ මට්ටම දක්වා වර්ධනය වී ඇති අතර, එල්නිනෝ තත්ත්වය සහ ශ්‍රී ලංකාවට ඊින් විය හැකි බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.
ගෝලීය පුරෝකථනවලට අනුව මෙම එල්නිනෝ තත්ත්වය එළඹෙන ඔක්තෝබර් සහ දෙසැම්බර් මාස අතර කාලය තුළ උපරිම මට්ටමට ළඟාවනු ඇති අතර, එය අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ 81%ක සම්භාවිතාවක් පවතින බව ද හෙතෙම කියා සිටියේය.
ඒ අනුව ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයේදී සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගංවතුර තත්ත්වයන් පවා ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවට ද අනතුරු අඟවා සිටියි.
කෙසේ වෙතත්, මෙම එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ලබන 2027 වසරේ මුල් කාර්තුවේදී, එනම් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ වර්ෂාපතනය සැලකිය යුතු ලෙස අඩුවී උෂ්ණත්වය ඉහළ යනු ඇත.
එම කාලසීමාව තුළ දිවයින පුරා දැඩි නියඟ තත්ත්වයක් හටගැනීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කරයි
යෝෂිතට එරෙහි රුපියල් ලක්ෂ 730ක ඉඩම් ගනුදෙනුවේ සාක්ෂි විභාගය ආරම්භ වෙයි
දිනකට 15 දෙනෙක් ගොදුරු කරගන්නා පියයුරු පිළිකව කල්තියා හඳුනාගත හැකි මූලික ලක්ෂණ මෙන්න
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා පිල සුපිරි ජයක් ලබයි
ලසිත් මාලිංගට මුම්බායි පිලේ දොර වැසෙයි
රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමෙන් ප්රතිශෝධන පෙත්සමක්
පාන් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල ඉහළට
ඊශ්රායල රැකියා ගැන දැනුම්දීමක්
ලොව ප්රමුඛ පෙළේ CFMOTO සහ ZEEHO මෝටර් සයිකල් දැන් Hayleys වෙතින්
ප්රකට බ්රිතාන්ය නළු පැට්රික් ස්ටුවර්ට් අභාවප්රාප්ත වෙයි
සරසවි ඇදුරන් අද එක්දින වැඩවර්ජනයක
ප්රදේශ රැසකට අද තරමක තද වැසි