Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ආරංචියක්

2 months ago

මාස දහයකට අධික කාලයක් පවතින එල්නිනෝ (El Niño) තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙරටට තද වැසි මෙන්ම දැඩි නියඟයක් ද අත්විඳීමට සිදුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසයි.

මීට පෙර දුර්වල මට්ටමක පැවති එල්නිනෝ තත්ත්වය මේ වනවිට මධ්‍යස්ථ මට්ටම දක්වා වර්ධනය වී ඇති අතර, එල්නිනෝ තත්ත්වය සහ ශ්‍රී ලංකාවට ඊින් විය හැකි බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

ගෝලීය පුරෝකථනවලට අනුව මෙම එල්නිනෝ තත්ත්වය එළඹෙන ඔක්තෝබර් සහ දෙසැම්බර් මාස අතර කාලය තුළ උපරිම මට්ටමට ළඟාවනු ඇති අතර, එය අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ 81%ක සම්භාවිතාවක් පවතින බව ද හෙතෙම කියා සිටියේය.

ඒ අනුව ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයේදී සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගංවතුර තත්ත්වයන් පවා ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවට ද අනතුරු අඟවා සිටියි.

කෙසේ වෙතත්, මෙම එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ලබන 2027 වසරේ මුල් කාර්තුවේදී, එනම් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ වර්ෂාපතනය සැලකිය යුතු ලෙස අඩුවී උෂ්ණත්වය ඉහළ යනු ඇත.

එම කාලසීමාව තුළ දිවයින පුරා දැඩි නියඟ තත්ත්වයක් හටගැනීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *