කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Processing System) ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.
ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පස්වරුවේ කොළඹ SEMA ගොඩනැගිල්ලේ ශ්‍රවනාගාරයේදී පැවැති අතර, එහිදී ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය සේවා ඩිජිටල්කරණය වේගවත් කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා, නව ක්‍රමවේදය හඳුන්වාදීමෙන් රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතු වන බව සඳහන් කළේය.
ඩිජිටල් අත්සන තැබීමෙන් පසු සිදුකරන වෙනස්කම් පද්ධතිය මඟින් හඳුනාගැනීමට හැකි බැවින් වංචා සහ දූෂණ සඳහා ඇති අවස්ථා අවම වන බවද ජනාධිපති ලේකම්වරයා පැවසීය.
වෙළෙඳ පරිමාව ඉහළ යමින් පවතින පසුබිමක මෙම නව ක්‍රමවේදය හඳුන්වාදීම හේතුවෙන් කිසිවෙකුගේ රැකියා අහිමි නොවන බවත්, වෘත්තියේ ස්වභාවය වෙනස් වුවද රේගු නිශ්කාෂණ නියෝජිතයන්ගේ රැකියා ආරක්ෂා වන බවත් ඔහු අවධාරණය කළේය.
LankaSign ඩිජිටල් අත්සන සහ ASYCUDA පද්ධතිය ඒකාබද්ධ කිරීම මඟින් සියලුම රේගු ලේඛන නීත්‍යානුකූල හා ආරක්ෂිත ආකාරයෙන් මාර්ගගතව ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන බවද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.
නව ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍ය බවත්, එම සහයෝගය ලැබෙන්නේ නම් ඔක්තෝබර් 01 වැනිදා සිට එය සාර්ථකව ආරම්භ කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම වැඩසටහනේදී ASYCUDA පද්ධතිය සමඟ LankaSign ඩිජිටල් අත්සන ඒකාබද්ධ කරමින් කඩදාසි රහිතව රේගු ලේඛන ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය, එහි ප්‍රතිලාභ සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකෙරිණි.
අනතුරුව පැවැති ප්‍රශ්න හා පිළිතුරු සැසියේදී සහභාගි වූ නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටලු සහ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කර, අදාළ නිලධාරීන් විසින් පැහැදිලි කිරීම් ලබා දෙන ලදී.

කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි