විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සේවා කාලය ද දීර්ඝ කළ යුතු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, වසර 20ක සේවා කාලයකින් පසු හමුදා සාමාජිකයන් විශ්‍රාම යාම හේතුවෙන් ඔවුන් සමාජීය හා ආර්ථික ගැටලු රැසකට මුහුණ දෙන බවයි.
අවුරුදු 45ක පමණ වයසේදී විශ්‍රාම යන බොහෝ හමුදා සාමාජිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුළු පවුලේ වගකීම් ඉහළ මට්ටමක පවතින අතර, එම වයසේදී නව රැකියාවක් සොයා ගැනීම ද අපහසු බව ඔහු පෙන්වා දුන්නා.
ලෝකයේ දියුණු රටවල හමුදාපතිවරුන් වයස අවුරුදු 70 දක්වා සේවයේ නිරත වන බව සඳහන් කළ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, තමන් හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් වසර 20ක් ගත වී තිබුණද තවමත් හමුදාවට අණ දීමේ හැකියාව ඇති බවද ප්‍රකාශ කළා.
එමෙන්ම රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස තවත් වසර කිහිපයකින් දීර්ඝ කිරීම තුළින් ඔවුන්ගේ අත්දැකීම් රටේ සංවර්ධනය සඳහා තවදුරටත් ප්‍රයෝජනයට ගත හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි