අද (30) ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය දා නැවත බන්ධනාගාර ගත කළ චරිත් අබේසිංහ ඇප මත නිදහස් කර ඇත.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 28 පෙරවරුවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හරක් කටා නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප නියම කළේය.
රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් ඔවුන් බන්ධනාගාර භාරයෙන් මුදා හැරීමට නියෝග කෙරුණි. එහෙත් සැකකාර චරිත් අබේසිංහ නමැත්තා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ඔහු යළි මෙලෙස බන්ධනාගාර භාරයට පත් කර තිබේ.

ඉල්ලා අස්වීමෙන් පසු රත්න ශ්‍රී විජේසිංහ කියපු කතාව
රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ අවසන් තරඟයට
SLS නැති හෙල්මට්වලට වැඩ වරදී
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන ප්‍රධාන ජේලර්වරයා අධිකරණයේදී සාක්ෂි දෙයි! සාක්ෂියේ අන්තර්ගතය කිසිදු මාධ්‍යයක පළ නොකරන ලෙසට නියෝගයක්!
ජපානයේ භූ කම්පනයෙන් මියගිය ගණන 30ක් දක්වා ඉහළට
නාමල් ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ල කැඳවීමට දින දෙයි
පොලිස් නිලධාරියාට පහරදුන් ව්‍යාපාරිකයා අත්අඩංගුටව
සුගීෂ්වර බණ්ඩාරට අදත් ඇප නැතිවෙයි
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
පවුල් ආරවුලක් හේතුවෙන් විදුලි කණුවකට නැග්ග පුද්ගලයාට අධිකරණයෙන් ලොකු දඩයක්
දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 50ට වැඩි වැසි