ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කළ ප්‍රවීණ සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණා.
ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, මෙම තීරණය සඳහා තමන්ගේ වයස, වෙහෙස සහ ඉදිරි නිර්මාණ කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීම වැනි පෞද්ගලික හේතූන් පමණක් බලපෑ බවයි.
රජය සහ තමන් අතර කිසිදු මතභේදයක් නොමැති බවත්, ජනාධිපතිවරයා සහ වත්මන් රජය කෙරෙහි තැබූ විශ්වාසය බිඳක්වත් අඩු වී නොමැති බවත්, ඔහු කියා සිටියා.
ඉදිරියටත් ඔවුන්ට සහයෝගය දැක්වීමට කැපවී සිටින බවද ඔහු අවධාරණය කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“මගේ පෞද්ගලික හේතුන් මත මගේ වයසත්, වෙහෙසත් ගැන සලකලා මගේ නිර්මාණ කටයුතු ගැන හිතලා මම තීරණය කළා ඉවත් වෙන්න. වෙනත් කිසිදු හේතුවක් බල නොපෑ බව තරයේ කියන්න ඕනේ. අනෙක මේ රජයත්, ජනාධිපතිතුමාත් පත් කරන්න තැබූ විශ්වාසය බිඳක්වත් අඩු වෙලා නැහැ මගේ. ඉදිරියටත් ඔවුන්ට සහයෝගය දෙන්න කැප වෙලා ඉන්නවා.
මගේ වයස, විඩාව පමණයි. වෙන කිසිම හේතුවක් නැහැ.රජයත් එක්ක කිසිම ආරෝවක් නැහැ..”

රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ අවසන් තරඟයට
SLS නැති හෙල්මට්වලට වැඩ වරදී
ඇප ලැබුණු චරිත් ගෙදර යයි
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන ප්‍රධාන ජේලර්වරයා අධිකරණයේදී සාක්ෂි දෙයි! සාක්ෂියේ අන්තර්ගතය කිසිදු මාධ්‍යයක පළ නොකරන ලෙසට නියෝගයක්!
රත්න ශ්‍රී විජේසිංහ ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ජපානයේ භූ කම්පනයෙන් මියගිය ගණන 30ක් දක්වා ඉහළට
නාමල් ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ල කැඳවීමට දින දෙයි
පොලිස් නිලධාරියාට පහරදුන් ව්‍යාපාරිකයා අත්අඩංගුටව
සුගීෂ්වර බණ්ඩාරට අදත් ඇප නැතිවෙයි
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
පවුල් ආරවුලක් හේතුවෙන් විදුලි කණුවකට නැග්ග පුද්ගලයාට අධිකරණයෙන් ලොකු දඩයක්
දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 50ට වැඩි වැසි