බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.
උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා වූ තද සුළං ඇතිවිය හැකිය.
හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ. නිරිත දෙසින් හමා එන සුළගේ සාමාන්‍ය වේගය පැ.කි.මී. 30-40 පමණ වන අතර, හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හා කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි විය හැක.
එමෙන්ම මුලතිවු සිට ත්‍රිකුණාමලය දක්වා සහ කල්පිටිය සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.

රත්න ශ්‍රී විජේසිංහ ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ජපානයේ භූ කම්පනයෙන් මියගිය ගණන 30ක් දක්වා ඉහළට
නාමල් ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ල කැඳවීමට දින දෙයි
පොලිස් නිලධාරියාට පහරදුන් ව්‍යාපාරිකයා අත්අඩංගුටව
සුගීෂ්වර බණ්ඩාරට අදත් ඇප නැතිවෙයි
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
පවුල් ආරවුලක් හේතුවෙන් විදුලි කණුවකට නැග්ග පුද්ගලයාට අධිකරණයෙන් ලොකු දඩයක්
1990 සුවසැරියෙන් යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක්
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක්
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
අද රෑ අහසේ ”ඩෙල්ටා ඇක්වාරිට්ස්” දැකගැනීමට අවස්ථාවක්
නීතිඥ සංගමය හා අධිකරණ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්