Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉල්ලා අස්වීමෙන් පසු රත්න ශ්‍රී විජේසිංහ කියපු කතාව

15 seconds ago

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කළ ප්‍රවීණ සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණා.

ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, මෙම තීරණය සඳහා තමන්ගේ වයස, වෙහෙස සහ ඉදිරි නිර්මාණ කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීම වැනි පෞද්ගලික හේතූන් පමණක් බලපෑ බවයි.

රජය සහ තමන් අතර කිසිදු මතභේදයක් නොමැති බවත්, ජනාධිපතිවරයා සහ වත්මන් රජය කෙරෙහි තැබූ විශ්වාසය බිඳක්වත් අඩු වී නොමැති බවත්, ඔහු කියා සිටියා.

ඉදිරියටත් ඔවුන්ට සහයෝගය දැක්වීමට කැපවී සිටින බවද ඔහු අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“මගේ පෞද්ගලික හේතුන් මත මගේ වයසත්, වෙහෙසත් ගැන සලකලා මගේ නිර්මාණ කටයුතු ගැන හිතලා මම තීරණය කළා ඉවත් වෙන්න. වෙනත් කිසිදු හේතුවක් බල නොපෑ බව තරයේ කියන්න ඕනේ. අනෙක මේ රජයත්, ජනාධිපතිතුමාත් පත් කරන්න තැබූ විශ්වාසය බිඳක්වත් අඩු වෙලා නැහැ මගේ. ඉදිරියටත් ඔවුන්ට සහයෝගය දෙන්න කැප වෙලා ඉන්නවා.

මගේ වයස, විඩාව පමණයි. වෙන කිසිම හේතුවක් නැහැ.රජයත් එක්ක කිසිම ආරෝවක් නැහැ..”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *