දිවුලපිටිය නගරයේදී බස් රථ රියදුරෙකුට කඩුවකින් පහරදීමට තැත්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව ඇතුළු තිදෙනෙකු අගෝස්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
දිවුලපිටිය නගරයේදී ධාවනය වෙමින් තිබූ බස් රථයකට පිටුපසින් පැමිණි මෝටර් රථයක් එකවරම බස් රථයට හරස් කර නවතා, එම මෝටර් රථයෙන් බැසගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බස් රථයේ රියදුරු වෙත කඩුවක් අතැතිව පහරදීමට උත්සාහ කර තිබුණි.
බස් රථය තුළ සිටි මගියෙකු විසින් මෙම සිදුවීමම සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබූ අතර, එම දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය විය.
එම වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව දිවුලපිටිය පොලිසිය විසින් අදාළ මෝටර් රථයේ ගමන්ගත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (14) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙලෙස අගෝස්තු 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කරන ලදී.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්