ග්‍රාම නිලධාරීන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන් අද (15) දින සිට සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න මහතා පැවසුවේ ඒ අනුව නැවත දැනුම්දෙනතුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත්වීමට ග්‍රාම නිලදාරීන් තීරණය කළ බවය.
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම, උපාදිය අවම සුදුසුකම බවට පත් කිරීම, ග්‍රාම නිලධාරීන්ගේ දීමනා ඇතුළත් ගම්මන්පිල කමිටුව විසින් නිර්දේශ කරන ලද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද දීමනා ලබා ගැනීම, සෙනසුරාදා ඇතුළු රජයේ නිවාඩු දිනවල සිදුකරන සේවය වෙනුවෙන් දිනක වැටුප ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් විසින් පසුගිය 10 සහ 11 යන දෙදින තුළ අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටියේය.
කෙසේ වෙතත් අදාළ දෙදින වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා රජය විසින් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් සහ ඉල්ලීම් වෙනුවෙන් සාධනීය විසඳුමක් ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරීන් තීරණය කළ බව ඒ මහතා අද පැවසීය.

බස් රියදුරුට පහරදීමට තැත්කළ සිද්ධියේ කාන්තාව ඇතුළු තිදෙනා රිමාන්ඩ්
පළමු දිනය අවසානයේ ඉන්දීය පිල ප්‍රබල ස්ථානයක්
අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ හෙට විශේෂ රථ වාහන සැලසුමක්
නීතීඥ සංගමයේ ලිපියට ජනාධිපති මාධ්‍ය අංශයෙන් පිළිතුරු
අඟුලාන මුහුදේ නාවික හමුදා යාත්‍රාවක් අනතුරට! 11 දෙනෙකු මුදවාගනී!
මිද්දෙනියේ ආරක්ෂාව තර කරයි! මවට අවසන් ගෞරව දැක්වීම බැකෝ සමන් ප්‍රතික්ෂේප කරයි!
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ 8000ක්
දරුවන් අතර රෝග පැතිරීමේ අවදානමක්
නීතිඥ සංගමය ජනපතිගෙන් සම්පූර්ණ වීඩියෝව ඉල්ලයි
බස් නැවතුම් අවහිර කළොත් දැඩි නීති!
හැටන්-කොළඹ පාරේ එක මංතීරුවක් යළි විවෘත කෙරේ
ඉන්දුනීසියානු භූකම්පනයෙන් මිය ගිය පිරිස 5 දක්වා ඉහළට