Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පානදුර අධිකරණයෙන් කුඩු සළිඳුගේ නඩු ගොනු අස්ථානගතයි! පිස්කල් හා සිතාසි භාර නිලධාරියා ලංකාවෙන් ගිහින්!

28 minutes ago

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිදු මල්සිත ගුණරත්න හෙවත් ‘කුඩු සළිඳු’ට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩු ගොනු දෙකක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමත් සමග, එම අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාරව කටයුතු කළ නිලධාරියා විදේශගත වී ඇති බව පොලිසිය පවසයි.

අදාළ නඩු ගොනු අතුරුදන් වීම සම්බන්ධයෙන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය පසුගිය සැප්තැම්බර් 1වැනිදා පොලිසියට පැමිණිලි කර ඇති අතර, ඊට පසුදින (සැප්තැම්බර් 02) අදාළ නිලධාරියා තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

අතුරුදන්ව ඇත්තේ පානදුර උතුරේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩු ගොනුවක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා තිබූ නඩුවකට අදාළ ගොනුවකි.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අධිකරණ නිලධාරිනියන් 7 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *