Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුපිරි BMW 900ක් හම්බන්තොට වරායට

2 years ago 3.7 K

හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් පසුගිය සතියේ ස්ලෝවේනියාවේ Koper වරායේ සිට දකුණු කොරියාවේ Pyeongtaek වරාය දක්වා පරිවහනය කරන ලද නවතම BMW මෝටර් රථ ඒකක 900 කට අධික ප්‍රමාණයක් හසුරුවනු ලැබීය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සාමාන්‍යයෙන් නැගෙනහිර සිට බටහිර දිශාවට සිදුකෙරෙන ප්‍රතිනැව්ගත කිරීම් සඳහා ප්‍රසිද්ධියක් උසුලනු ලබන අතර මෙම මෙහෙයුමත් සමඟින් බටහිර සිට නැගෙනහිර දක්වා කෙරෙන ප්‍රතිනැව්ගත කිරීම් හැසිරවීම සම්බන්ධයෙන් ද ප්‍රවීණත්වය පිළිබිඹු කර තිබේ.

“මෙම ඉහළ පෙළේ වාහන දැන් අප වෙත පැමිණෙමින් තිබීම HIP හි කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය, සේවාවේ ගුණාත්මකභාවය සහ ප්‍රතිනැව්ගත කිරීමේ හැකියාව දැන් ‘ලෝකයේ හොඳම’ ප්‍රමිතීන්ට ළඟා වී ඇති බවට පැහැදිලි ඉඟියකි. පැසිෆික් සහ ඉන්දියන් සාගරය යන දෙකටම ප්‍රතිනැව්ගත කිරීම සඳහා වඩාත් පහසු ඇමතුම් වරාය වන හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි හි සේවාවන් ඉහළම මට්ටමේ පවතී. දැනට අපි අපේ විශේෂඥ දැනුම පළමුව විදුලි වාහන නිපදවන්නන් වෙත ලබා දෙනවා”, යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Hambantota International Port Group (Pvt) Limited හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගිය වසරේ දී හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් වාහන ඒකක 500,000කට වඩා වැඩි ප්‍රමාණයක් නැඟෙනහිර නිෂ්පාදකයින්ගෙන් බටහිරට සම්ප්‍රේෂණය කරන ලදී. මේ වසරේ අප්‍රේල් මැද වන විට වරාය වාහන ඒකක 200,000කට වඩා ප්‍රතිනැව්ගත කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *