අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය නියෝග කර තිබේ.
ඒ අනුව මේ පිළිබඳව අද (13) ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.
2026 වසරේ අගෝස්තු මස 25 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබා දී ඇති අතර වැඩ තහනමට ලක් වූ දින සිට මේ දක්වා ඔහුට අහිමි වූ සියලුම හිඟ වැටුප් සහ දීමනා ගෙවීමටද තීන්දුව ලබා දී තිබේ.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කීර්තිමත් නිළධාරියෙකු ලෙස සැළකෙන ශානි අබේසේකර මහතා මෙරට මෑත ඉතිහාසයේ සිදුවූ සංකීර්ණ අපරාධ පරීක්ෂණ රැසක් මෙහෙය වූ දක්ෂ නිළධාරියෙකු ලෙස සැලකේ.
2020 වසරේ ජූලි මාසයේදී ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගැණුනු අතර මාස 11ක වැනි දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමටද ඔහුට සිදුවිය.
පසුව අභියාචනාධිකරය විසින් ඔහු ඇප මත මුදා හරින ලදී.
කෙසේ වෙතත් 2024 වසරේදී 3/2018 චක්‍ර ලේකයේ ප්‍රතිපාදන අනුව යලි සේවයේ පිටවූ ශානි අබේසේකර මහතා අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස පත් කරනු ලැබීය.

සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවමක් නියම වෙයි
හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් රතු නිවේදනයක්
රජය මැතිවරණයකට සැරසෙයි
රජයේ සේවකයින්ට දැනුම්දීමක්
LPL තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කරයි! පළමු තරගය යාපනය හා ගාල්ල අතර!
බොරතෙල් මිල යළි ඉහළට
IMF වෙතින් ශ්‍රී ලංකාවට සහතිකය
ධාරානිපාත වැසි ගෙනා අඩු පීඩන කලාපයේ බලපෑම තවදුරටත්! කාලගුණයෙන් නවතම නිවේදනයක්!
ආපදා මරණ ගණන ඉහළට
කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ! නිවසේ මෙහෙකාරියගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව මුද්දරයක්
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි