තුර්කි බුද්ධි අංශ විසින් උතුරු දිග සිරියාවේදී සිදු කරනු ලැබූ මෙහෙයුමකදී ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ (ISIS) නායක අබු හුසේන් අල් කුරාෂි ඝාතනය කළ බව තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් ප්‍රකාශ කර සිටිනවා.
තුර්කි බුද්ධි අංශය විසින් මෙහෙයවන ලද මෙහෙයුමක ප්‍රථිපලයක් ලෙස සිරියාවේදී IS නායකයා ඝාතනය කර ඇති බවයි තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.
සිරියානු ප්‍රාදේශීය සහ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ තුර්කියේ පිටුබලය ලබන කැරලිකාර කණ්ඩායම් විසින් පාලනය කරනු ලබන උතුරු සිරියාවේ ජන්දරිස් නගරයේ මෙම වැටලීම සිදුව ඇති අතර එම නගරය පෙබරවාරි 6 වන දින තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් දරුණුතම බලපෑමට ලක් වූ එකක් බවයි.
2022 නොවැම්බර් මාසයේදී දකුණු දිග සිරියාවේ දී අමෙරිකානු විශේෂ බලකාය විසින් සිදුකළ මෙහෙයුමකින් හිටපු ISIS නායකයා ඝාතනය කිරීමෙන් පසු අල්-කුරාෂි එම සංවිධානයේ නව නායකයා ලෙස තෝරා පත්කර ගනු ලැබුවා.


නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු