මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අළෙවි කිරීමේ ව්‍යාපාරයට එක්වන විදේශ සමාගම් තුනට හිවන ඉන්ධන පිරවුම්හල් 450 පිරිවුම්හල් 150 බැගින් කාණ්ඩ තුනකට වෙන්කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග දැනට කටයුතු කරන එම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අද (5) පැවැත්විණි.
නව සමාගම් සමග ගිවිසුම්ගත වීමෙන් ඉන්ධන හල් හිමියන්ට සහ ඉන්ධන පාරිභෝගිකයන්ට හිමිවන සුබදායි ප්‍රතිඵල පිළිබඳව එහිදී දැනුවත් කර තිබේ.
මේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමතිවරු වන ඉන්දික අනුරුද්ධ සහ ඩී.වී චානක යන මහත්වරු ඇතුළු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීහූ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.


පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්
නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්