Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දරුවා රෝගී බව දැනගත් පියා දරුවාව ගඟට විසි කරන්න කියලා! සියල්ල දරාගෙන දරුවා උස් මහත් කළ මවට අවසානයේ දරුවා පිහිට වූ ආකාරය!

3 years ago

පවුලක පළමු දරුවා ලෙස පුතෙකු ඉපදීම සමාජයේ බහුතරයකගේ ප්‍රාර්ථනයකි.

නමුත් එලෙස මෙලොව එළිය දකින දරුවෙකු රෝගී තත්ත්වයක් නිසා පියෙක් අත්හැර දමායෑම කෙතරම් වේදනාකාරී ද?

එවැනි දරුවෙකුව දුක්ගැහැට මැද අතිදැඩි කොට සසුනට පූජාකළ දිරිය මවක් ගැන පුවතක් වාර්තා විය.

ඇය සමන්මලී කාංචනා ය. ඇය පළමු දරුවා බිහිකරන්නේ 2005 වසරේදීය.

පුතුගේ උපතින් සතුටට පත්වී සිටි ඇයට පසුව අසන්නට ලැබෙන්නේ දුක්මුසු පුවතකි. 

ඒ දරුවාගේ හදවතේ සිදුරක් ඇති බවටය.

සමන්මලී කාංචනා,
“දරුවගේ රෝගී තත්ත්වය දැනගත් දරුවගේ පියා මට කිව්වා ඕකවත් අරගෙන මාතර ගඟට පැන්න නම් ඊට වඩා හොඳයි.. ගෙදර නෑවිල්ලා කියලා.”

නමුත්, තම කුසින් බිහිකළ දරුවා ගඟට විසිකරන්නට තරම් ඇය අකාරුණික වූයේ නැත. 

දරුවාගේ සෞඛ්‍ය ගැටලුවත් සමඟ පියා පවුල හැර ගියත් දරුවා හොඳින් රැකබලාගැනීමට සමන්මලී ගත් වෙහෙස අපමණය. 

එම කාලය තුළදී දරුවාගේ හදවතේ සිදුර ක්‍රමයෙන් වැසී යන බවට වෛද්‍යවරුන් පවසන්නේ සමන්මලීට මහත් අත්වැසිල්ලක් ගෙනදෙමිනි. 

ඒ වන විටත්, භාග්‍ය ශ්‍රී විමුක්ති නමැති මේ දරුවා නිවසින් බැහැරව ගොස් විහාරස්ථාන ඇසුරට වැඩි නැඹුරුවක් දක්වා තිබුණි. 

ඒ අනුව දරුවා සසුන්ගත කර ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටි මව හදවත් රෝගයකට මුහුණපාන්නේ නොසිතූ මොහොතකය.

මවගේ රෝගී තත්ත්වයට කඩිනම් ප්‍රතිකාර සැලසීමට සාමණේරයන් වහන්සේ කටයුතු කර තිබුණි. 

ඒ අනුව සාමණේර හිමියන්ගේ උත්සාහය මත මවගේ  සැත්කම පෞද්ගලික රෝහලකදී සිදුකරන්නේ කිසිදු මුදලක් අය කිරීමකින් තොරවය. 

අඩුපාඩුකම් මැද දරුවන් හැරයන මව්පියන්ටත්, හැකියාව තිබියදී මව්පියන්ට නොසලකා හරින දරුවන්ටත් මේ මව සහ පුතා වෙසක් පුන් පොහෝදින සපයන්නේ මාහැඟි ආදර්ශයකි.
-adaderana-

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *