අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට ලබන සැප්තැම්බර් මස 14 දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය නියෝග කර ඇත.
ඒ බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරමින් අනුරාධපුර බන්ධනාගාරයට රාත්‍රියේ ඇතුළු වී එහි රඳවා සිටි දමිළ ජාතික රැඳවියකු දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දමන බවට සාපරාධී බිය වැද්දීමක් කර තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කරයි.
රැඳවියා දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දමන බවට සාපරාධී බිය වැද්දීමක් සිදුකළැයි කොළඹ අපරාධ කොට්ඨාසය සැකකාර හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර ඇත.
මෙම සැකකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මෙම වරද කළ බව කියන දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියෙහි යොදවා සිටි බන්ධනාගාර නිලධාරීහු සහ අනුරාධපුර බන්ධනාගාරයේ එදින රඳවා සිටි රැඳවියන් ඇතුළු 14 දෙනෙක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇත.


පස්වරු 2.00 න් පසු වැසි
තිරිඟු පිටි මිල ඉහළට
නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පූර්ණ සහාය
පෙරහැර නතර කිරීම් ගැන තවත් කතා එපා – ජනපති
රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්
මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්
නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්