Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පස්වන වරටත් IPL කිරුළේ පහස ලැබීමට වරම් ලැබූ චෙන්නායි පිල

3 years ago

අවසන් මහා තරගයේදී ගුජරාට් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් හිමිකරගත් චෙන්නායි කණ්ඩායම මෙවර IPL තරගාවලියේ ශූරයන් බවට පත්වුණා.

ඒ අනුව චෙන්නායි කණ්ඩායම මෙලෙස IPL තරගාවලියක කිරුළ හිමිකරගන්නේ 5වන වතාවට වීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස්කර ගැනීමට සමත්වුණා.

සායි සුධර්සන් ලකුණු 96ක් රැස්කර ගත්තේ පන්දු 58කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 8ක් සමගින් වන අතර ඔහුගේ ඉනිම නිමකළ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද තරගයේදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ලබාගත් කඩුලු සංඛ්‍යාව 2කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා චෙන්නායි කණ්ඩායම පිටියට පිවිසීමත් සමග තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 15කදී ලකුණු 171ක ඉලක්කයක් හිමි වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි පිතිකරුවෝ තියුණු තරගයකින් අනතුරුව පන්දුවාර 15 අවසානයේ ලකුණු 171 රැස්කරගෙන තරගයේ ජය හිමිකර ගත්තා.

එහිදී අවසන් පන්දුවාරයේදී චෙන්නායි කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 13ක් අවශ්‍යව තිබූ අතර චෙන්නායි සියලු බලාපොරොත්තු සිය කර මතට ගත් ජඩේජා අවසන් පන්දු ද්විත්වයට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ලකරමින් සිය ජයග්‍රහණය සනිටුහන් කර සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *