අධිකරණ යතුරු ලේඛිකාවකගේ විවාහ මංගල්‍ය උත්සවයක් හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 06 අධිකරණය වසා දැමීම නිසා නඩු කටයුතු සඳහා පැමිණි ජනතාව ඊයේ (01 වැනිදා) මහත් අසීරුතාවට පත්විය.
එම අධිකරණයේ රාජකාරී කරන සියලුම දෙනා යතුරු ලේඛිකාවගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගි වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබෙන අයුරු දක්නට ලැබිණි.
අදාළ අධිකරණ ශාලාව ඉදිරිපිට ‘‘අද දින අංක 06 අධිකරණයේ මෝසම් නඩු නොකැඳවන බව මෙයින් කාරුණිකව දන්වා සිටිමි. අධිකරණයේ අණ පරිදි’’ යනුවෙන් සඳහන් දැන්වීමක්ද අලවා තිබෙනු දක්නට ලැබිණ.
මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ටාර්ගෙන් කළ විමසීමේදී ඔහු දන්වා සිටියේ අංක 6 අධිකරණයේ කාර්යය මණ්ඩලය නිවාඩු දමා විවාහ මංගල්‍යය උත්සවයකට ගොස් තිබෙන බව දන්නා බවයි.
සාමාන්‍යයෙන් උදෑසන 09 ට පෙර අධිකරණය වෙත මෝසම් ගොනු කළ යුතු වුවත් මෙම තත්ත්වය හේතුවෙන් පෙරවරු 11 දක්වා මෝසම් ගොනු කිරීමට නීතිඥවරුන්ට ඊයේ අවස්ථාව දී තිබිණි.
එම අංක 06 අධිකරණයේ මෝසම් නඩු අංක 02 අධිකරණය හමුවේ ඊයේ දහවල් කැඳවනු ලැබිණි.(source – aruna)


NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප
MR කොත්තු හිමිකරුට ඇප හිමිවෙයි
ජානක පෙරේරා ඝාතකයන්ට දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
නාවික හමුදාපති කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට
පාසල් ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු ගැන ගත් තීරණයක්
Whatsapp අලුත් වෙයි! ඔබේ දුරකථන අංකය වෙනත් අයගෙන් සඟවන්නට අවස්ථාවක්!
MR. කොත්තු අත්අඩංගුවට
අද වැසි වැටෙන ප්‍රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
වෙනිසියුලා භූකම්පනයෙන් පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝ බිරිඳ සහ දරුවන්ගේ දිවි අහිමි වෙයි