Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයින් සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දෙයි

3 years ago

ස්මාර්ට් ජංගම දුරකථනය හරහා මෙන්ම පරිගණක උපාංග හරහා සමාජ මාධ්‍යයේ සැරිසැරීමට ඇබ්බැහිවූවන් වෙනුවෙන් නවතම යෙදවුමක් ඉදිරිපත් කිරීමට මෙටා සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන් පවසන්නේ මෙම යෙදවුම ලොවපුරා ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් පරිශීලකයින්ට යොදාගත හැකි බවය.

එහිදී සිදුවන්නේ පරිශීලකයින්ට ඒ මොහොත වනවිට ඔවුන් කොපමණ කාලයක් තිස්සේ සමාජ මාධ්‍ය තුළ රැඳී සිටියාද යන්න දැනුම්දීමයි.

මෙටා සමාගම පවසන්නේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන යෞවන යෞවනියන්ගේ කාලය කළමනාකරණය කිරීම සඳහා පූර්වාදර්ශයක් සැපයීම මෙම නව යෙදවුමේ මූලික අරමුණ වී ඇති බවය.

එසේම මෙමගින් මව්පියන්ට සිය දරුවන් සමාජ මාධ්‍ය තුළ සැරිසරන කාලය සීමා කිරීමටද පිටිවහලක් ලැබෙනු ඇති බව එම සමාගම පවසයි.

එහිදී සමාජ මාධ්‍ය පරිශීලනය කරමින් සිටියදී තිරය මතට දැනුම්දීමක් ලැබීම සිදුවෙයි.

එහිදී මිනිත්තු 20කට වරක් මෙම දැනුම්දීමේ පණිවුඩය නව යෙදවුම හරහා පරිශීලකයින් වෙත ලැබෙයි.

එමගින් අවශ්‍ය නම් සමාජ මාධ්‍ය වෙතින් ඉවත්වීමේ අවස්ථාව පරිශීලකයින්ට ලැබෙයි.

මේ වනවිටත් එංගලන්තය, අමෙරිකාව, අයර්ලන්තය, කැනඩාව. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල මෙම ක්‍රමවේදය භාවිතයට ගනු ලබන අතර ඉදිරියේදී එය ලොවපුරා ව්‍යාප්ත කිරීම අරමුණයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *