එන්නත ලබාදී දිනකට පසු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වක් හේතුවෙන් මියගිය පඩුවස්නුවර බිළිදියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.
ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සඳහා බිළිදියගේ ශරීර කොටස් මහනුවර ජාතික රෝහල වෙත යොමුකළ බවයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව සඳහන් කළේ.
ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ උපත ලබා මාස හතරකින් පසු ලබාදෙන එන්නත පෙරේදා දිනයේ මෙම බිළිදියට ලබාදී තිබුණේ පඩුවස්නුවර බටහිර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින්.
එන්නත්කරණයෙන් පසු ඇතිවන සාමාන්‍ය උණ මෙම බිළිදිය වෙතින්ද පෙන්නුම් කර ඇති අතර පසුව අවශ්‍ය ප්‍රතිකාර ලබාදී තිබුණද පෙරේදා උදෑසන වන විට රෝග තත්ත්වය උත්සන්න වී තිබුණා.
ඒ අනුව වහාම ඇයව කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට දෙමාපියන් කටයුතු කළද ඒ වන විටත් බිළිදිය මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිළිදියගේ සිරුර කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය අතර එහි අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් ජයසේන විසින් ඊයේ එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබුණා.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව බිළිදියගේ දේහය දෙමාපියන් වෙත භාරදුන් අතර ආගමික වතාවත්වලින් පසු දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ දිනයේම සිදුකර තිබෙනවා.
මෙලෙස මියගොස් තිබුණේ පඩුවස්නුවර ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචි මාස 04 ක් වයසැති බිළිදියක්.

වසර තුනක් තුළ තැඹිලි ගම්මාන 250ක්
“ස්වාමීනි, මගේ සේවාදායකයාගේ දෑස් ජංගම දුරකතනයවත් බැලීමට නොහැකි වන අයුරින් රෝගී වෙලා” – ප්‍රියංකර ජයරත්නට දඬුවම් නියම කිරීමේදී නීතිඥයා අධිකරණයෙන් කළ ඉල්ලීම
චමරි අතපත්තු ICC T20 ශ්‍රේණිගත කිරීම්වල පිම්මක් පනී
විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට විරෝධතාවයක
බලංගොඩින් අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලයෙන් සොයාගනී
දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි ගැන හෙළිදරව්වක්
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ
22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි