මෙම වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍රයට විදුහල්පතිවරයා සහ පන්තිභාර ගුරුවරිය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිත් තැවුලට පත්වූ පාසල් සිසුවියක් ඖෂධ අධිමාත්‍රාවක් පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබෙනවා.
මහනුවර – පන්විල නාරම්පනාව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකුයි මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ. ඇය මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍රය අත්සන් කර ගැනීමට අවස්ථා කිහිපයකදී විදුහල්පතිවරයා සහ පන්තිභාර ගුරුවරිය හමුවීමට උත්සාහ කර ඇති අතර එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි ඇය සිත්තැවුලට පත්ව ඇත්තේ.
පසුව සිසුවිය නිවස තුලදී ඖෂධ අධිමාත්‍රාවක් පානය කර ඇති අතර, ඒ වනවිට ඇගේ දෙමව්පියන් ද නිවසෙහි සිට ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් සහ පන්තිභාර ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි පොලීසිය සදහන් කළේ.

නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු