අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි ගැහැනු ළමයින් 09 දෙනකුට යෝග ව්‍යායාම පුහුණු කරන මුවාවෙන් අපයෝජනය කළේ යැයි කියන සිද්ධිවලට අදාළ නඩු 9ක විත්තිකරුවකු දීර්ඝ ලිපියක් ලියා තබා අනුරාධපුර නගරයේ ඇති විහාරස්ථානයක භූමියක වස පානය කර මියගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 45 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
වස පානය කර ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක කෙරෙන මෙම පුද්ගලයා 27 දා රාත්‍රී ගෙල වැලලා ගැනීමට ගත් උත්සාහයක් ද ව්‍යර්ථ වී තිබූ බව ද පොලිසිය කියයි.
මෙම පුද්ගලයා කලක් උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සියේ කළමනාකාරවරයා ලෙස සේවය කර ඇති අතර ඔහුට විවිධ අපරාධ චෝදනා එල්ල වීම හේතුවෙන් එකී තනතුරෙන් නෙරපා හැර තිබිණි.
පසුගිය කාලයේ අනුරාධපුරයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් අවන්ති දෙවි ළමා නිවාසයේ දැරියන් නවදෙනකුට අධික පිරිසකට යෝග ව්‍යායාම පුහුණු කරන මුවාවෙන් අපයෝජනය කිරීමේ සිද්ධීන් වලට අදාළව දැනට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් විභාග කෙරෙන නඩු 9ක ප්‍රධාන විත්තිකරු වූයේ මෙම තැනැත්තාය.
මෙම ළමා අපයෝජන නඩු 9ට අමතරව මොහුට එරෙහිව තවත් විවිධ අපරාධ චෝදනාවලට සම්බන්ධ නඩු 5ක් පවතින බව ද මූලස්ථාන පොලිසිය තවදුරටත් සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ නිලධාරීහු සිදු කරති.


රු. 35,000ක අල්ලසක් ගත් සනීපාරක්ෂක කම්කරුවෙකු අත්අඩංගුවට
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තරුණියක් පැහැර ගැනීමට තැත් කළ ඥාති සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට
වින්දනීය අත්දැකීමක් එක් කළ TVS RONIN Ride එක
ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වා දුන් නවතම ‘TVS Ronin’ යතුරුපැදිය (ඡායාරූප)
අධිවේගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල ගැන ජනපති දුන් ඉඟිය
ප්‍රධාන පාසලක් තුළ පිහි ඇනුමක්! සිසුන් 5ක් රෝහලට!
කපිලට ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි
අටමස්ථානාධිපති හිමි ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න නිෂ්පාදිත සමාගමට යොමු කිරීමට අවසර
ගෙවී ගිය පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කැස්බෑවට