Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රූමත් සේවිකාවන්ට හිංසනයන් සිදුකරන අනංගයන් පිරිසක් ගැන පාර්ලිමේන්තුවෙන් පැමිණිල්ලක්

3 years ago

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට  සමහර ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් එල්ල වන්නේ යැයි පැවසෙන  ලිංගික  හිංසනයන් සහ  අඩම්තේට්ටම් සම්බන්ධයෙන් එම සේවිකාවෝ පාර්ලිමේන්තු ප්‍රධානීන්ට  පසුගියදා පැමිණිලි කළහ.

තමන්ට ඇතැම් ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් කාලාන්තරයක් තිස්සේ විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවත් මෙවැනි දේවල්වලට අවනත නොවන්නේ නම්   විවිධ පළිගැනීම්වලට ලක්කරන බවත් එම සේවිකාවෝ  පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවී තමන්ට සාධාරණය ඉටු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

මේ පිළිබඳව අප පාර්ලිමේන්තුවේ  මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ  එවැනි තත්වයක් පවතී නම් තමා ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.

සමහර සේවිකාවන් තම රැකියා නැති වේ යැයි යන බියෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පවා  බියවී සිටින බව වාර්තා වේ.

මේ අතර මේ සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයටද  ලිඛිතව පැමිණිලි කිරීමට කටයුතු කරගෙන යන බව එම සේවිකාවෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
(source – lankadeepa)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *