සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනකු ආණ්ඩුවට එක්වනු ඇති බවට ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත මෙම සිවු දෙනා ආණ්ඩුවට එක්වනු ඇති අතර ඔවුන්ට ඇමති ධූර ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් ඇතැයිද වාර්තා වේ.
මෙසේ ආණ්ඩුවට එක් වනු ඇත්තේ ගත වූ කාලය පුරාම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කළ අයයි.
මෙම පිරිස පසුගිය කාල සීමාවේදී සමගි ජන බලවේග විසින් සංවිධානය කළ ජන හමු, විරෝධතා ආදියට වැඩි සහභාගිත්වයක් නොදැක්වූ අයද වෙති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ඉදිරියේදී ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට නියමිත බව වාර්තා වන අතර එම අවස්ථාවේදී මෙම පිරිසද ආණ්ඩුව සමගින් එක්වනු ඇති බවයි පැවසෙන්නේ.



ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම