Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

horoscope

සිත චංචල වෙයි – දවසේ ලග්න පලාපල – 2024 පෙබරවාරි මස 20 වන අඟහරුවාදා

3 years ago

මේෂ

විවේකය අඩුවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා සිතේ අවුලෙන් කටයුතු සිදු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

ශුභ වර්ණය – තැඹිලි/ ජය අංකය – 05

වෘෂභ

වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයතු සිදු කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට කරුණු ඇති කරයි. සෙම් රෝග බහුල දිනයකි.

ශුභ වර්ණය – අළු පැහැය/ ජය අංකය – 01

මිථුන

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. ලැබීම් අතින් යහපත් වුවත් වැය පස අධික කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

ශුභ වර්ණය – කොළ/ ජය අංකය 03

කටක

ශාරීරික වෙහෙස ගෙන දෙන දිනයකි. පවුලේ වගකීමක් තමා පිට පැවරීමට ඉඩ ඇත. තැන තැන ඇවිදිලි වැඩි කරන බවක් පෙනේ.

ශුභ වර්ණය – රන්වන්/ ජය අංකය – 04

සිංහ

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. දේපළ ගැටලුවකට මුහුණ පෑමට ඉඩ ඇති දිනයකි.

ශුභ වර්ණය – රෝස/ ජය අංකය – 07

කන්‍යා

උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා සිතේ ප්‍රීතියෙන් කටයුතු කරන දිනයකි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

ශුභ වර්ණය – ලා කොළ/ ජය අංකය – 06

තුලා

ශාරීරික සුවය ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

ශුභ වර්ණය – සුදු/ ජය අංකය – 08

වෘශ්චික

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. උත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොවන බවක් පෙන්නුම් කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි.

ශුභ වර්ණය – රතු/ ජය අංකය – 02

ධනු

පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. වගකීම් බහුල දිනයකි.

ශුභ වර්ණය – කහ/ ජය අංකය – 05

මකර

අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකවන බවක් පෙන්නුම් කරයි. හදිසි තීරණයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

ශුභ වර්ණය – නිල්/ ජය අංකය – 08

කුම්භ

සමාජසේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. ලාභ ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ.

ශුභ වර්ණය – දම්/ ජය අංකය – 01

මීන

වගකීම් බහුල දිනයකි. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

ශුභ වර්ණය – ලා රතු/ ජය අංකය – 09

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *