Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද සෞඛ්‍ය වර්ජනය ක්‍රියාත්මක කරන පළාත මෙන්න

2 years ago

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (14) දිනයේ සබරගමුව පළාතේ වැඩවර්ජනයක නිරත වේ.

අද පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04ක කාලයක් සේවාවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේය.

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලබානොදීම හේතුවෙන් පසුගිය 09 වන සිට පළාත් මට්ටමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ක්‍රියාත්මක කර තිබේ.

සිය ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් ලබන 21 වන දිනෙන් පසු දිවයින පුරා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *