Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට අනිවාර්ය කළ TIN අංකය පිළිබඳ නවතම දැනුම්දීම

2 years ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් අංක බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංක (TIN) බවට පරිවර්තනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දැනට සැලසුම් කර නොමැති බව වාර්තා වේ.

The Sunday Morning වෙත අදහස් දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් S.A.K.K.සනත් ප්‍රකආෂ කර ඇත්තේ, මෙම වැඩසටහන සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි.

“මෙතෙක් අපි එවැනි කිසිවක් ක්‍රියාත්මක කර නැහැ. එය යෝජනාවක් පමණයි,” ඔහු ප්‍රකාශ කර ඇත.

ඔහු වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ, TIN අංකය ලියාපදිංචිය සඳහා දෙපාර්තමේන්තුව ජාතික හැඳුනුම්පත් අංක භාවිත කරන අතර, ක්‍රියාවලියේ පහසුව සඳහා ජාතික හැඳුනුම්පතේ විස්තර පමණක් ලබාගන්නා බවයි.

මේ අතර, TIN අංකය ලියාපදිංචිය සඳහා වන නිර්ණායක නොවෙනස්ව පවතින අතර වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුරවැසියන් TIN එකක් ලබා ගැනීමට අවශ්‍ය වේ.

කෙසේවෙතත්, නව රෙගුලාසි පැනවීමට වඩා බදු ගෙවන්නන් සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධානය යොමු කර ඇති අතර, පුද්ගලයන්ට ඔවුන්ගේ පහසුව අනුව TIN සඳහා ලියාපදිංචි වීමට ඉඩ සලසමින්, මහජනතාව මුහුණ දෙන ආර්ථික අභියෝග හමුවේ ලියාපදිංචිය සඳහා වූ අවසාන දිනය ඉවත් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *