Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උද්දික ප්‍රේමරත්නගෙන් ඔස්කාර් සම්මාන හිමිවිය යුතු රංගනයක්! උද්දික උද්දිකටම වෙඩි තියාගෙන!

2 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නට පසුගිය වසරේ කළ වෙඩි තැබීමේ සිද්ධිය ව්‍යාජ රංගනයක් බව හෙළිදරව් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසුවේ හිටපු මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයෙකු සමඟ එක්ව සැලසුම්සහගතව වෙඩි ප්‍රහාරය එල්ල කරගෙන ඇති බවයි.

2023 වසරේ සැප්තැම්බර් 17 වනදා අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථය ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.

වෙඩි වැදීමෙන් මෝටර් රථයේ පිටුපස පැති වීදුරුවට අලාභ හානි සිදුවී තිබූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු අනතුරක් සිදුවී තිබුණේ නැත.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ අතර සිද්ධියට අදාළ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද සඳහන් කළේය.

මේ වන විට මෙම සිදුවිමට සම්බන්ධ බවට සැකකෙරෙන සංජීව මහානාම නමැති සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා විදේශගත වී ඇති බවත් ඔහු විදේශගතවී ඇත්තේ පොලිසියට දැනුම්දී නිසි අවසරයකින් නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *