විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකිරක්ෂා ලබාදීමට, ලියපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රීලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අනුකාරක (Fake web) වෙබ්අඩවි, සමාජ මාධ්‍ය (Social Media ) වේදිකාවන්, SMS, WhatsApp, හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම්කරුවන් මහජනතාව හා සම්බන්ධ වීමට උත්සහ දරයි.
ඔවුන් විසින් ලබාදෙන links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධවන පුද්ගලයන්ගේ පරිගණක, ජංගම දුරකථන වල ඇති දත්ත සොරා ගැනීමෙන් විවිධ අපචාර මෙන්ම මුදල් වංචා ද සිදුකරනු ලබයි.
මෙවැනි අපරාධ මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතර එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණයද වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි.
තවද විවිධ ජාතික හා ආගමික උත්සව මුල් කරගනිමින් මෙම වංචාකරුවන් කටයුතු කරනු දක්නට ලැබෙන බව වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකා සර්ට් ආයතනය ඇතුළු විවිධ සංවිධාන මෙම සයිබර් වංචාවන් පිලිබඳ පුළුල් දැනුවත් කිරීමේ ප්‍රචාරණයක් දියත් කොට ඇත.
නොදැනුවත් භාවය හා නොසලකා හැරීම නිසා මෙම අපරාධවලට ගොදුරු වන්නන්ගේ පැමිණිලි දිනපතා වැඩිවෙමින් පවතී.
සැකසහිත අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ ලැබුනහොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතන වල නිල වෙබ් අඩවි වලට පිවිසීමෙන් හෝ නිල දුරකථන අංක ඔස්සේ හෝ කරුණු විමසා සහතික කරගන්නා ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලාසිටියි.
එසේ සහතික කරගත නොහැකි පණිවුඩ විවෘත කිරීමෙන් වලකින ලෙස හෝ නොසලකා හරින ලෙස ශ්‍රීලංකා සර්ට් ආයතනය තවදුරටත් මහජනතාව ගෙන් ඉල්ලා සිටියි.



ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම