Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කෝලි සහ ෂර්මා ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදෙති

2 years ago

වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අග්‍රගන්‍යයම පිතිකරුවා වන විරාට් කෝලි සහ ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝක කුසලාන අවසන් තරඟයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් කෝලි පවසා සිටියේ, මෙම තරගය තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙන්ම, ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකරන අවසන් තරඟාවලිය බවයි.

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහිත් ශර්මා පැවසුවේ, මෙය තමන්ගේ අවසන් පන්දුවාර විස්ස තරගය බවයි.

විරාත් කෝලි 20යි 20 ජාත්‍යන්තර වරම් හිමි කරගත්තේ 2010 වසරේද ජුනි 12 සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදීය.

කෝලි 20යි 20 ජාත්‍යන්තර තරග 125කට මුහුණ දී ඇති අතර එම තරගවලදී රැස්කළ මුළු ලකුණු සංඛ්‍යාව 4,188කි.

එක් ශතකයක් සහ අර්ධ ශතක 38ක් ඊට ඇතුළත් ය. 

35 හැවිරිදි කෝලි විසින් 20යි 20 ජාත්‍යන්තර තරගයකදී රැස්කර ඇති වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා වෙන්නේ 122කි.

ඊයේ පැවති ලෝක කුසලාන 20යි 20 අවසන් මහා තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමටද විරාත් කෝලි සමත්විය.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඊයේ අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී තමන් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිවේදනය කළේය.

37 හැවිරිදි රෝහිත් ෂර්මා 20යි 20 ජාත්‍යන්තර වරම් හිමිකර ගත්තේ 2007 වසරේ සැප්තැම්බර් 19 වනදා එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදීය.

එතැන් සිටි මේ දක්වා ෂර්මා මුහුණ දුන් 20යි 20 ජාත්‍යන්තර තරග 159ට රැස්කළ ඇති මුළු ලකුණු ප්‍රමාණය 4,231කි.

ෂර්මා විසින් ශතක 05ක් රැස්කළ ඇති අතර අර්ධ ශතක 32ක් රැසක් කර තිබේ.

20යි 20 ජාත්‍යන්තර තරගයකදී ෂර්මා විසින් වාර්තා කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 121කි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *