ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුධය විසඳීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම සංශෝධනය කරන්නේ කෙසේදැයි අනුර සහ සජිත් දෙදෙනාම පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බවත් ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ප්‍රසිද්ධ සාකච්ඡාවක් පැවැත්වීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(25දා) යෝජනා කළේය.
එම සාකච්ඡාව සියලුම මහජනතාවට නැරඹීමට හැකිවන පරිදි සියලුම රෑපවාහිනි නාළිකා ඔස්සේ විකාශය කළ යුතු බවත් එවිට ඡන්දය දිය යුත්තේ කාහටදැයි පැහැදිලිවම ජනතාවට තේරුම්ගත හැකිවනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
එබැවින් දැන්වත් බොරු නොකියා රටට ඇත්ක කළා කළ යුතුව ඇති බව අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස තේරුම්ගත යුතුව ඇති බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ සමුළුවට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
“රට වැටුණුවෙලාවේ බදු වැඩිකරන්න වුණා. ඔබට දුෂ්කරවුණා කියලා මම දන්නවා. ඒ අවස්ථාවේ සහයෝගය ලබාදීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. තවදුරටත් මේ බර අඩුකරන්න තිබෙනවා. ඒතැනට යන්න රුපියල ශක්තිමත් කරලා ආදායම වැඩිකරන්න තිබෙනවා. රුපියල් ට්‍රිලියන 05 ක් නැතිනම් බිලයන 5000 ක ආදායමක් අපිට ලබාගන්න තියෙනවා. අපේ ඉලක්කය ඒක ලබාගැනීමයි.
දැන් අපේ විපක්ෂය මොකක්ද කියන්නේ. ඒ අය මොකක්ද දෙන උදව්ව. එයාලගේ මැතිවරණ ප්‍රකාශයෙන් එයාලා කියන්නේ බදු අඩුකරනවා කියලා. බදු අඩු කළොත් අපේ ආදායම නවතිනවා. එතකොට ආපහු 2022 යනවා. මමත් කැමති නැහැ බදු වැඩිකරන්න . රුපියල ශක්තිමක් කරලා අපි බදු අඩු කරමු. ඒවගේම ලබන අවුරුදු දෙකේදී බදු දැල වැඩිකරලා බදු අඩු කරමු. ජනප්‍රිය තීන්දු ගන්න අපි ඔක්කොම කැමතියි. හැබැයි රෑ වැටුණු වළේ අපි දවල් වැටෙන්න ඔනෙද? ඒ වගේම විපක්ෂය බොරු කියන්නේ ඇයි කියලත් මම අහන්න කැමතියි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිසි විටෙක කොන්දේසි මාරු කරන්නේ නැහැ. ශ්‍රීසියේ ආර්ථික අර්බුදය වෙලාවෙත් මේ විදිහටම විපක්ෂය ගිවිසුම වෙනස් කරන්න හැදුවා. ඒ නිසා රට තවත් පහළට වැටුණා. ඒ දේමද මෙයාල දැන් ලංකාවටත් කරන්න හදන්නේ. අපි කියන්නේ මුල්‍ය අරමුදලේ ගිවිසුම සමඟ ඉදිරියට යනවා කියලා. නමුත් සජබෙ සහ මාලිමාව කියන්නේ මොකක්ද . ගිවිසුම සංශෝධනය කරනවා කියලා. එහෙම උනොත් මුදල් නවතිනවා. සාමානයෙන් මුල්‍ය අරමුදල සමඟ සාකච්චා කරලා අලුත් ගිවිසුමකට යන්න අඩුම මාස හයක් යනවා. එතකම් අපි මොකද කරන්නේ. මේ දේවල් වලට උත්තර දෙන්න කියලා මම කියනවා. ඒවගේම මම යෝජනාවක් කරන්න කැමතියි. අපි පක්ෂ තුනම මුල්‍ය අරමුදල එක්ක එකතුවෙලා සාකච්ඡාවක් කරමු. ඔයාලා කරන්නේ මොකක්ද කියලා පැහැදිලිව කියන්න. අපි ජනතාවට ඒක පෙන්නමු. ඔබට සැලැස්මක් තිබෙනවානම් රටට කියන්න. බොරු කියලා ජනතාව රවට්ටන්න එපා. ඒ සාකච්ඡාව රටට පෙන්නුවාට පස්සේ රටේ සියලු දෙනාම ගෑස් සිලිංඩරය ලඟින් කතිරය ගහයි. එහෙම නොකර ගෑස් නැති වුණොත් අඩන්න එපා.” යැයි ජනාධිපති වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම