Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශිෂ්‍යත්ව විභාගය

ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අවසන් තීරණය අද

2 years ago

ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අවසන් තීරණය අද(14) දැනුම්දීමට නියමිත බව වාර්තා වනවා.

විභාගයට පෙර පිට වී ඇත්තේ ප්‍රශ්න තුනක් පමණක් බව යළිත් වරක් තහවුරු වීම නිසා විභාගය යළිත් වරක් නොපැවැත්වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිත ය.

විභාගයට පෙර පිට වී ඇති ප්‍රශ්න සංඛ්‍යාව නිශ්චිතව සොයා බැලීම සඳහා අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ද කමිටුවක් පත් කළ අතර එම කමිටුව ද අනාවරණය කර ඇත්තේ විභාගයට පෙර පිට වී තිබෙන්නේ ප්‍රශ්න තුනක් පමණක් බවය.

මෙම කමිටුවේ වාර්තාව ලැබෙන තුරු පිළිතුරු පත්‍ර ඇගයීම් සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා තීරණය කළේය.

පිට වී ඇත්තේ ප්‍රශ්න තුනක් පමණක් බවට විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙන වෙනම කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව සඳහන්.

කෙසේ වුව ද සිද්ධියට අදාළව දෙමව්පියන් පිරිසක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *