කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් රැගත් බස් රථයක් දුන්හිඳ – බදුල්ල මාර්ගයේ අඹගස්හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ අනතුර සිදුවන විට බස් රථය තුළ 42 දෙනෙක් සිට ඇති බවයි.
ඒ අතරට කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ 39 වන පාඨමාලාවට අයත් සිසු සිසුවියන් 36 දෙනෙක්, කථිකාචාර්යවරුන් 03 දෙනෙක්, එම කණ්ඩායම භාරව කටයුතු කළ උපදේශකවරයෙක්, බස් රථය භාරව ගමන් කළ ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයෙන් හා බස් රථයේ රියදුරා ඇතුළු පිරිස අයත් වූ බව සඳහන්.
එම අනතුරින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර මිය ගිය සිසුවියන් දෙදෙනා කුරුණෑගල හා නිවිතිගල පදිංචිකාරියන් වන බවත් එහි සඳහන් ව තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ මියගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි.
තවද අනතුරින් තවත් 40 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් 07 දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
ආරක්ෂක අමාත්‍යංශය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගීන් කොළඹට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මේ වන විටත් දියතලාව ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර ඇති බවයි.
එමෙන්ම ලැබී ඇති තොරතුරු අනුව බස් රථයේ ඇති වූ කාර්මික දෝශයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් එහි සඳහන් ව තිබේ.

ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම