ඉතිහාසයේ ප්‍රථම වතාවට බැඳුම්කර හිමියෙකු විසින් ණය නොගෙවීම හේතුවෙන් එක්සත් ජනපදයේදී ශ්‍රී ලංකාවර එරෙහිව නඩු පවරා ඇත.
බ්ලුම්බර්ග් පුවත් සේවාව වාර්තා කරන අන්දමට 2022 ජූලි 25 වන දිනට කල් පිරීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කරවලින්(ISB) ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් හිමි හැමිල්ටන් රිසර්ව් (Hamilton Reserve Bank Ltd) නම් මූල්‍ය ආයතනය විසින් සිය මූලික මුදල හා පොලී සම්පූර්ණයෙන් ගෙවන ලෙස ඉල්ලා නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයට පෙරේදා(21) මෙම නඩුව ගොනුකර ඇත.
ශ්‍රී ලංකාව සිය ස්වෛරී බැඳුම්කර දෙකක් සඳහා මග හැරුණු පොලී ගෙවීම් සඳහා ලැබුණු දින 30ක සහන කාලය ඉකුත්වීමෙන් පසු 2022 මැයි මාසයේදී ණය පැහැර හරින ලද රටක් ලෙස වර්ගීකරණය විය.
1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද පළමු ස්වෛරී ණය පැහැර හැරීම මෙයයි. මෙම ණය ගෙවීම් පැහැර හැරීම ‘පාලක රාජපක්ෂ පවුල’ ඇතුළු ආණ්ඩුවේ ඉහළම මට්ටමේ නිලධාරීන් විසින් සිදුකර ඇති බව හැමිල්ටන් රිසර්ව් ආයතනය මෙහිදී පෙන්වාදී ඇත.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි