දඹුල්ලේ දී ඊයේ (10) අවසන් වූ දෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 5ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
ඒ අනුව තරග 2-0ක තරගාවලි ජයක් තහවුරු කරගැනීමට අවස්ථාව හිමිව තිබූ ශ්‍රී ලංකාවට, තරග 1-1ක් ලෙස අවසන් කරගැනීමට සිදුවිය.
අද තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූවානම්, නවසීලන්තයට එරෙහිව වසර 11කට පසු විස්සයි20 තරගාවලියක් ජයගැනීමට හැකියාව තිබුණි.
අවසන්වරට ඔවුන් නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගාවලියක් ජයගෙන සිටියේ 2013 වසරේදීය.
එයද ශ්‍රී ලංකාවේදීමය.
ඒ හැරෙන්න එම තරගාවලියෙන් අනතුරුව නවසීලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත් වූ සෑම තරගාවලියක්ම (තරගාවලි 4) ජයගැනීමට සමත් වූයේ නවසීලන්තය යි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 108ක් රැස්කිරීමට සමත් විය.
කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 103ක් පමණි.

ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම