Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිසියෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

2 years ago

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ විශේෂ සංකල්පයක් අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අද දිනයේත්, ඉන් අනතුරුවත් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර තිබෙන ආරක්ෂක ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේදී ඊයේ ස්ථාපනය කළේය.

ශ්‍රී ලංකා පොලීසියට අමතරව විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව මෙන්ම සිවිල් ආරක්ෂක බළකාය ද ඒකාබද්ධ කර මෙම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මකවීම විශේෂත්වයකි.

මෙලෙස දිවයිනම ආරවණය කරමින් විශේෂ මෙහෙයුම් මැදිරියක් මෙරට තුළ ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙයයි.

මෙම මැදිරියේ සිදුකරන කාර්යභාරය පැහැදිළි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පෙන්වා දුන්නේ, ඩ්‍රෝන කැමරා උපයෝගී කරගනිමින් බස්නාහිර පළාත විශේෂ පරීක්ෂාවකට ලක්කරන බවයි.

එමෙන්ම අවශ්‍යතාව අනුව සෙසු පළාත්ද ඩ්‍රෝන කැමරා මගින් පරීක්ෂාව ලක්කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ යම්කිසි නිතිවිරෝධී කටයුතු සිදුවෙනවා  නම් හෝ ඊට සූදානමක් ඇත්නම්, එම සියලු කටයුතු මෙම මෙහෙයුම් මැදිරිය මගින් නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත.

ඒ සඳහා දිවයින පුරා පොලිස් ස්ථාන 600කට වැඩියෙන් ප්‍රමාණයක් උපයෝගී කරගනිමින් ජංගම මුර සංචාර 3,000කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම නිරීක්ෂණ තුළදී ලබාගන්තා තොරතුරු විශේෂ මෙහෙයුම් මැදිරියට අමතරව සෑම දිස්ත්‍රික්කයකම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සිට ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනය දක්වා තම තමන්ගේ පළාත්හි සිදුකෙරන ජංගම සංචාර නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත.

මේ අතර විශේෂ මෙහෙයුම් මැදිරියෙන් කෙරෙන තවත් විශේෂ කාර්යභාරයක් වන්නේ සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වන මැතිවරණයට අදාළ නිතිවිරෝධී දෑ මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කරුණුද නිරීක්ෂණ කිරීමයි.

මීට අමතරව CCTV සවිකරන ලද ජංගම රථ ද මේ වනවිට මාර්ගවල සංචාරය කරමින් තිබෙන අතර, එමගින් ලැබෙන තොරතුරු මගින් මාර්ගවල ආරක්ෂිත තත්ත්වයද නිරීක්ෂණය කිරීම ද මෙම විශේෂ මෙහෙයුම් මැදිරියෙන් නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත.

යුද හමුදා විශේෂ බළකාය, ගුවන් හමුදාව, බුද්ධි අංශ ද සිය දායකත්වය මෙම මෙහෙයුම් මැදිරිය සඳහා ලබාදෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *